Wednesday, January 18, 2012

සාර්ථක දවස් 2 ක්, නැගෙනහිර Project එක .

හවස් දෙකක්, දිස්ත්‍රික් 2 ,පාසල් 10 ක් , Project එකෙන් සැලක්යයුතු ප්‍රමාණයක් අවසන් කරන්න පුලුවන් උනා . පසල් වලට යනවට අමතරව වැඩි දෙයක් කරන්න බරි උනා .

 16 වන දින රාත්‍රියේ ගමන් ආරම්භ කල අපි ,වැඩේ පටන් ගත්තෙ කන්තලේ මද්ධ්ය  මහ විද්යාලයෙන්,ඉන් පස්සේ එකින් එක අනෙක් පාසල් කරා ගමන් කල අප , එම පාසල් සදහා Software ස්ථාපනය කරනු ලැබුවෙමු. .බොහො පාසල් ඇති ස්තාන සොයා ගනීම නම් එතරම් පහසු උයේ නැති නමුත් .තරමක් හො අපට සහනයක් උයේ දමිල දන්නා අයෙකු අප සමග සිටීමය .

විශේෂයෙන් සදහන් කල යුතු වන්නේ මේතෙක් අප ගිය පාසල් වලින් අපට ලබුනු සහයෝගය . එම පාසල් වල ගුරුවරු මේම ව්‍යාපෘතිය සදහා තිබු උනන්දුව පැදිලිව දකින්න පුලුවන් උන අතර අපට සංග්‍රහයක් කිරීමට ද උත්සුක විය .
දැනට ගමන්  කල බොහො පාසල් අවශය කරන පරිගණක සම්පත් වලින් සපිරුනව එවා හෝ දැනට ඒ සදහා සියලුම ප්‍රිතිපදන සපිරි එවා විය. වටිනාම කාරණය වනුයේ එම පාසල් වල දරුවන් එම සම්පත් හොදින් බාවිත කර තිබිමත් , එවයෙන් ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබා ගෙන තිබීමත් ය .

විටළි කලාපයක් උවද , වැසි කලයක් නිසමදො ජළයෙන් පිරි තිබෙනු දක්නට  ලැබිනි .එක යායට තිබු  සාරවත් කුඹුරු නිසාවෙන් ප්‍රදේශයට ජිවයක් ලැබී තිබිනි .


ප්‍රධාන මාර්ග බොහොමයක් මගින්  සංවර්ධනය පිලිබිඹු උවත් ,ගම්මානය තුලට යන විට ඒම අවදානය යොමුවිය යුතු මාර්ගද දැක ගත හැකි විය .


No comments:

Post a Comment